මෙරට රජය විසින් යෝජනා කර ඇති විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් සිය කනස්සල්ල පළ කර තිබේ.
මෙම නීති සම්පාදනය තර්කානුකූල, ප්‍රතිපත්තිගරුක සහ ශක්තිමත් ව්‍යවස්ථාමය සංශෝධන ක්‍රියා පටිපාටියකට අනුව සිදු කළ යුතු බව පෙන්වා දෙන එම සංගමය, අදාළ යෝජනා අත්තනෝමතික, තාවකාලික සහ හදිසි තීරණ මත පදනම්ව සිදු නොකළ යුතු බව අවධාරණය කරයි. එසේම, අධිකරණයේ ස්වාධීනත්වය අඩපණ විය හැකි බැවින් මෙම යෝජිත නීති සම්පාදනය නැවත සලකා බලන ලෙස ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.















