ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වලපනේ ආසන සංවිධායකවරයා ලෙස අභීත රත්නායක මහතා පත් කිරීමේ උත්සවයේදී හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බව සියලුම සමීක්ෂණ වාර්තා මගින් හෙළි වී ඇති බව සී.බී. රත්නායක මහතා ප්‍රකාශ කළේය.
පක්ෂය පසුබෑමකට ලක්වූ අවස්ථාවේදී පක්ෂයට ශක්තිය ලබා දුන් නාමල් රාජපක්ෂ මහතාව මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමේ රැල්ල නුවරඑළියෙන් ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
වලපනේ නව ආසන සංවිධායක ලෙස පත් වූ අභීත රත්නායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ, නූතන පරම්පරාවට ගැලපෙන දේශපාලනයක් නාමල් රාජපක්ෂ මහතා සමඟ එක්ව සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.
සිය පියාට ලබා දුන් සහයෝගයට සමාන සහයෝගයක් තමන් වෙත ලබා දෙන ලෙස ඔහු නුවරඑළිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙම උත්සවයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් වන දේනුක විදානපතිරණ, ජානක වක්කුඹුර සහ ඉන්දික අනුරුද්ධ යන හිටපු අමාත්‍යවරුන් ද සහභාගි වූ අතර, ඔවුන් විසින් වත්මන් රජයේ අඩුපාඩු පිළිබඳව ද අදහස් දැක්වීය.
















