මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම පිටුපස ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.සමථයකට පත් වූ ගැටුමක් නැවත ඇවිළී රාජ්‍ය සේවකයින් පිරිසක් ජීවිතක්ෂයට පත්වීම පිටුපස ඇති කුමන්ත්‍රණය පිළිබඳව විමර්ශනය කළ යුතු බව ඔහු අවධාරණය කරයි.ඕනෑම ක්‍රමයකින් මෙම ආණ්ඩුව වෙනස් කර බලය ලබාගැනීමට අපේක්ෂා කරන සංවිධානාත්මක කණ්ඩායමක් පවතින බවත්, එවැනි කණ්ඩායම් ක්‍රියාත්මක වන විට මෙවැනි සංවිධානාත්මක සිදුවීම් වළක්වා ගැනීම අපහසු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි. වර්තමාන ආණ්ඩුවට තමන් යටතේ සිටින සිරකරුවන් පවා ආරක්ෂා කරගත නොහැකි වී ඇත්තේ මන්දැයි නැගෙන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පළ කළේය.
















