ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යමින් පැවතියදී මෙරට ඉන්ධන මිල ඉහළ යන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන නාමල් රාජපක්ෂ මහතා, රජය විසින් සිදුකරන අකාර්යක්ෂම කළමනාකරණය දැඩි ලෙස විවේචනය කරයි. බාල ගල් අඟුරු මිලදී ගැනීමෙන් සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා ඉන්ධන මිලෙන් එම බර ජනතාව මත පටවන්නේ දැයි ඔහු සැක මතු කරයි.
මේ අතර, ඩෙංගු මර්දන වැඩසටහන්වල පවතින අක්‍රිය බව පිළිබඳවද ඔහු මෙහිදී දැඩි ලෙස කතා කළේය. “සමහර පැතිවල පැමිණිලි කරාම, ඩෙංගු රෝගියෙක් සිටිනවා දුම් ගහන්න කියලා ඉල්ලුවම ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි, අඩුම තරමේ රෝගීන් දහයක්වත් ඉන්න ඕනේ දුම් ගහන්න කියලා,” යනුවෙන් ඔහු පැවසීය.
රජයේ වගකිවයුතු ආයතනවල මෙවැනි අසංවේදී ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි. බදු බරින් මිරිකී සිටින ජනතාවට ඉන්ධන මිල හරහා තවත් බරක් පැටවීමත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින මෙවැනි අකාර්යක්ෂමතා නිසා ජනතාවගේ ජීවිත අවදානමට ලක්වීමත් සම්බන්ධයෙන් ඔහු රජයට චෝදනා එල්ල කරයි.
















