ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ එයාර්බස් ගනුදෙනුවේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 100ක (කෝටි 10ක) අල්ලස් ලබාගැනීමේ චෝදනාවට අදාළව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ
අද 04 උදෑසන අදාළ විමර්ශනයට ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ BIZ Solutions INC නැමති ගිණුමට අල්ලස් ලෙස ලද යුරෝ 1,454,651.24 ක මුදලින්, ඇමෙරිකානු ඩොලර් 800,000 ක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට අයත් Sabre Vision Holdings LTD නමැති සමාගමේ ගිණුමකට තැන්පත් කරවාගෙන, ඊට සමාන රුපියල් මිලියන 100ක මුදලක් අවස්ථා කිහිපයකදී ලබාගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.














