ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය මඟින් රටේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් ලබා දෙන ලද්දූ යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස එළැඹෙන අයවැය ලේඛනයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය මඟින් ගුරු සේවය, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය මෙන්ම ආදායම් බදු, රේගු සහ විදේශ සේවා වැනි අංශ සඳහා උපාධිධාරීන් දහස් ගණනක් බඳවා ගැනීමට ලබා දී තිබූ පොරොන්දු මෙහිදී මන්ත්‍රීවරයා විසින් විශේෂයෙන් මතක් කර දී ඇත.
අතීතයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ද උපාධිධාරීන් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරගැනීම සඳහා සාර්ථක පූර්වාදර්ශ රාශියක් ක්‍රියාත්මක කර තිබූ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, වත්මන් පරිපාලනය ද එම අත්දැකීම් පදනම් කර ගනිමින් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කරයි. මැතිවරණ වේදිකාවේදී ජනතාවට දුන් එම නොවන පොරොන්දු ප්‍රායෝගිකව ඉටු කිරීම සඳහා පැහැදිලි කාලසීමාවක් සහිත නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවය මේ හරහා යළිත් වරක් ජාතික මට්ටමේ සංවාදයක් වෙත රැගෙන පැමිණ තිබේ.
රටේ පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, රාජ්‍ය සේවා පුළුල් කිරීමේ සහ උපාධිධාරී රැකියා අර්බුදයට ස්ථිර විසඳුම් ලබා දීමේ වගකීමෙන් රජයට බැහැර විය නොහැකි බව මෙම මඟින් මතක් කර දී ඇති අතර, ඉදිරි අයවැය හරහා මේ සඳහා රජය දක්වන ප්‍රතිචාරය දෙස දහස් සංඛ්‍යාත රැකියා විරහිත උපාධිධාරීන් ඇතුළු සමස්ත රටේම අවධානය දැඩි ලෙස යොමු වී තිබේ.














