ඇමරිකාවේ Justice Department සේවකයන්ට කෘත්‍රිම බුද්ධිය හැඳින්වීමේදී බොහෝ අවස්ථාවල “Artificial Intelligence” හෝ “AI” වෙනුවට “Super Intelligence” සහ “SI” යන පද භාවිත කරන ලෙස උපදෙස් දී තිබේ. Reuters වාර්තා කරන පරිදි, වැඩබලන Deputy Attorney General Trent McCotter විසින් නිකුත් කළ memo එකක් මගින් මෙම උපදෙස් ලබාදී ඇති අතර, එය public communications, policy documents සහ අනෙකුත් නිල වාර්තාවලට අදාළ වේ.
මෙම පියවර President Donald Trump විසින් සැප්තැම්බර් 29 වැනිදා නිකුත් කළ Executive Order 14434 අනුව ගෙන තිබේ. එම නියෝගය මගින් Federal Executive Branch ආයතනවල නිල ලිපි, websites, reports සහ non-statutory documents ඇතුළු නිල සන්නිවේදනවල “Super Intelligence” සහ “SI” යන පද භාවිත කිරීමට නියම කර තිබේ. නීතියෙන් අවසර දෙන සීමාව තුළ මෙම terminology එක court filings සඳහාද භාවිත කිරීමට Justice Department සේවකයන්ට උපදෙස් දී තිබේ.
කෙසේ වෙතත්, “Super Intelligence” යනු ලොව පුරා කෘත්‍රිම බුද්ධිය සඳහා පිළිගත් නව විද්‍යාත්මක නාමයක් නොවේ. එය Trump පරිපාලනය විසින් Federal Government තුළ භාවිත කිරීමට නියම කළ පදයකි. Executive Order එක අනුව දැනට “Artificial Intelligence” සඳහා පවතින ඇමරිකානු නීතිමය නිර්වචනයම “Super Intelligence” සහ “SI” සඳහාද භාවිත කෙරේ.














