අතීතයේ සිදුවූ වැරදි නිවැරදි කරගනිමින්, සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් සහ තාරුණ්‍යය සවිබල ගන්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ඉදිරියට යන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (15) තංගල්ල කාල්ටන් නිවසේ පැවැති අලුත් අවුරුදු චාරිත්‍රවලට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
රට අසීරු කාලපරිච්ඡේදයකට මුහුණ දී සිටියද, එකමුතුකමින් සහ ධනාත්මක ආකල්පයකින් එය ජයගත හැකි බව ඔහු මෙහිදී විශ්වාසය පළ කළේය. සෑම කෙනෙකු අතින්ම වැරදි සිදුවිය හැකි බවත්, වැදගත් වන්නේ ඒවායින් ඉගෙනගෙන ඉදිරියට යාම බවත් ඔහු පැවසීය. විශේෂයෙන්ම රටේ අනාගතය තරුණ පරපුර මත රඳා පවතින බැවින්, හුදෙකලා සිදුවීම් පදනම් කරගෙන සමස්ත තරුණ ප්‍රජාව පිළිබඳව වැරදි තීරණ නොගත යුතු බවත්, ඔවුන්ට ජාතික සංවර්ධනයට දායක වීමට අවස්ථා නිර්මාණය කළ යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














