නාමල්ඔය, කදුරුගොඩ ගම්මානයේ මාර්ගයක පවතින ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණි නාමල්ඔය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ගැමියන් විසින් එම ස්ථානයෙන් පලවා හැරීමේ සිදුවීමක් වාර්තා වේ.අඹගහවැල්ල හරහා නාමල්ඔය දක්වා මාර්ගයේ කොටසකට ගල් අතුරා කාපට් දැමීමට සූදානම් කළ ද, මාස හතරක කාලයක් ගතවීත් කාපට් නොදැමීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටී.මාර්ගයට දිනකට වතුර පාරක් හෝ දමන ලෙස කොන්ත්‍රාත්කරුට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටියද එය නොසලකා හැරීම නිසා කදුරුගොඩ ගම්වාසීන් මාර්ගය වසා දැමීමට පියවර ගත්තේය.එම ස්ථානයට පැමිණි සභාපතිවරයා සහ උප සභාපතිවරයා සමඟ ගම්වාසීන් අතර ඇති වූ වචන හුවමාරුවකින් පසුව, ඔවුන් එම ස්ථානයෙන් පලවා හැරීමට ගම්වාසීන් කටයුතු කළහ.සිද්ධියෙන් පසු විහාරාධිපති හිමියන් සහ ගම්වැසියන් එක්ව මාර්ගය වසා දැමීමට කටයුතු කර ඇත.
















