• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාරා ආයතනය මගින් x press peal නැව ගැන පරික්ෂාව දිගටම

1 June 2021
in දේශීය

නාරා ආයතනය (ජාතික ජලජ සම්පත් පර්යේෂණ සංවර්ධන හා නියෝජිත ආයතනය) විසින් සාගරයේදී ගිනිගත් x press peal නැවෙන් සාගර පරිසරයට එක් වු රසායනික ද්‍රව්‍ය හේතු කොට ගෙන සාගර ජලජීවීන්ට හා සාගර පරිසරයට සිදු වු හානියක් තිබේද යන්න පිළිබද පර්යේෂණ අඛන්ඩව සිදු කරමින් පවති.

මෙම පර්යේෂණ වලින් සාගර ජලජීවීන්ට සිදු වු හානිය පිළිබදව පැහැදිලි තක්සේරුවක් සිදු කිරීම සදහා අවශ්‍ය සියළුම රසායනික විශ්ලේෂණයන් සිදු කරමින් පවතින බව නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය පාලිත කිත්සිරි මහතා පවසයි. දැනට නාරා ආයතනය විසින් x press peal නැවෙන් හානි වු ප්‍රදේශවලින් ලබා ගන්නා මත්ස්‍යයින් සහ විවිධ හේතුන් මත මියගොස් වෙරළට ගොඩ ගසා තිබෙන මත්ස්‍යයින් ද එක්රැස්කරමින් ඔවුන් මිය යාම සිදු වී ඇත්තේ කුමන හේතුන්මත දැයි පර්යේෂණ කරනු ලබයි.

ඇතැම් පරිසර විද්‍යාඥයින් පවසන ආකාරයට මුහුදු ජලයේ PH අගයේ සැලකිය යුතු වෙනස් වීමක් ගැන මෙතෙක් සොයාගෙන නොමැති බවද, මෙම නැවේ තිබී සාගර පරිසරයට එක් වු රසායන ද්‍රව්‍ය නිසා සාගර ජීවීන්ට හා ශාඛ වලට සිදු වු හානිය පිළිබදව ගැඹුරින් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය සාම්පල් ලබා ගැනීම සදහා හෙට දින නාරා ආයතනය සතු සමුද්‍රිකා නැව යොදා ගනිමින් ගිනිගත් නැවේ ක්ෂණිකව බලපෑමට ලක් වු ප්‍රදේශයට ගොස් ඒ අවට ජලජීවීන් හා ශාඛ වලද සාගර ජලයේ යට තැන්පත් වී තිබෙන පස් සාම්පල රැගෙන විත් ඒවා විශ්ලේෂණය කර සතියක පමණ කාලයක් තුලදී මෙම නැවෙන් සාගර පරිසරයට හා ජලජීවීන්ට සිදු වු හානිය පිළිබදව තක්සේරු කර සම්පුර්ණ හානිය පිළිබද තක්සේරු වාර්තාවක් පිළියෙල කිරීමට නාරා ආයතනයේ දායකත්වය ලබා දෙන බවද අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පවසා සිටී

Post Views: 25
Previous Post

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයින් පත් කෙරේ

Next Post

ගිනිගත් නෞකාව වහාම, ගැඹුරු මුහුදට රැගෙන යාමට නියෝගයක් නිකුත් කෙරේ – ජනපති

editor

editor

Next Post

ගිනිගත් නෞකාව වහාම, ගැඹුරු මුහුදට රැගෙන යාමට නියෝගයක් නිකුත් කෙරේ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved