• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

2030 වෙද්දී හඳ අල්ලන්න ඇමරිකාවයි චීනෙයි මාරක සටනක NASA ආයතනයේ ස්ථිර සඳ මධ්‍යස්ථාන සැලසුම් එළියට

28 May 2026
in පුවත්, විදෙස්
2030 වෙද්දී හඳ අල්ලන්න ඇමරිකාවයි චීනෙයි මාරක සටනක NASA ආයතනයේ ස්ථිර සඳ මධ්‍යස්ථාන සැලසුම් එළියට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සඳ මත ස්ථිර මධ්‍යස්ථානයක් (Lunar Base) පිහිටුවීමේ ඇමෙරිකානු බලාපොරොත්තුව යථාර්ථයක් කරමින්, ඒ සඳහා යොදාගැනීමට නියමිත අතිනවීන රොබෝ යානා, ඩ්‍රෝන සහ ගවේෂණ වාහන (Rovers) පිළිබඳ නවතම තොරතුරු නාසා (NASA) ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ජෙෆ් බේසොස්ගේ ‘බ්ලූ ඔරිජින්’ (Blue Origin), ‘ඇස්ට්‍රොබොටික්’ (Astrobotic) සහ ‘ඉන්ටුයිටිව් මැෂින්ස්’ (Intuitive Machines) වැනි ලොව ප්‍රමුඛ පෙළේ පුද්ගලික අභ්‍යවකාශ සමාගම් කිහිපයකටම උපකරණ නිෂ්පාදන කොන්ත්‍රාත්තු පවරා ඇත. වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය 2029 දී අවසන් වීමට පෙර ඇමෙරිකානුවන් නැවත සඳ මතට ගොඩබැස්වීම මූලික ඉලක්කය වුව ද, 2030 වන විට සඳට මිනිසුන් යැවීමට සූදානම් වන චීනය සමඟ ඇමෙරිකාව මේ වන විට දැඩි අභ්‍යවකාශ තරගයක නිරතව සිටී.
නාසා ආයතනයේ මෙම ‘ඉග්නිෂන් මූන් බේස්’ (Ignition Moon Base) වැඩසටහන ප්‍රධාන අදියර තුනකින් සමන්විතය. එහි පළමු අදියර යටතේ 2029 වසර දක්වා මිනිසුන් රහිත රොබෝ යානා සහ ඩ්‍රෝන මඟින් සඳෙහි දකුණු ධ්‍රැවයේ අභියෝගාත්මක භූමිය ගවේෂණය කර සිතියම්ගත කිරීමට නියමිතය. ඉන් අනතුරුව, දෙවන අදියර ලෙස සඳ මත න්‍යෂ්ටික සහ සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර, තෙවන අදියර යටතේ 2032 වන විට ගගනගාමීන්ට ජීවත් විය හැකි අර්ධ ස්ථිර නිවාස මෙන්ම දුර බැහැර ගමන් කළ හැකි ගවේෂණ වාහන සඳ මත ඉදි කිරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි. විශේෂයෙන්ම සඳෙහි දකුණු ධ්‍රැවයේ පවතින අයිස් ජලය, පානීය ජලය බවට පත්කර ගැනීමට සහ ඔක්සිජන් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට හැකි වීම නිසා මෙම කලාපය තෝරාගෙන තිබේ.
කෙසේ වෙතත්, නාසා ආයතනයේ මෙම ඉලක්කගත කාලසීමාවන් ප්‍රායෝගික නොවන බව බොහෝ අභ්‍යවකාශ විශේෂඥයන්ගේ මතයයි. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ගගනගාමීන් සඳ mතුපිටට රැගෙන යාම සඳහා ඉලොන් මස්ක්ගේ ‘ස්පේස්එක්ස්’ (SpaceX) සමාගම නිපදවන ‘ස්ටාර්ෂිප්’ (Starship HLS) යානයේ කටයුතු මේ වන විටත් විවිධ තාක්ෂණික ප්‍රමාදයන් සහ බාධාවන්ට ලක්ව තිබීමයි. මේ හේතුවෙන් මිනිසුන් සඳ මතට ගොඩබැස්වීමේ මීළඟ සටනින් ඇමෙරිකාව අභිබවා චීනය පෙරමුණ ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බව විද්‍යාඥයන් අනතුරු අඟවයි.
Post Views: 3
Previous Post

දියවැඩියා ඖෂධයක් කාන්තාවන්ගේ ආයු කාලය අවුරුදු 90 දක්වා දිගු කරන බවට නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

Next Post

න්‍යෂ්ටික අවි හදන්න ඉඩ දෙන්නේම නෑ

Editor TTV News

Editor TTV News

Next Post
න්‍යෂ්ටික අවි හදන්න ඉඩ දෙන්නේම නෑ

න්‍යෂ්ටික අවි හදන්න ඉඩ දෙන්නේම නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved