මැයි මාසයේ උදාවන පළමු පූර්ණ චන්ද්‍රයා හෙවත් අද (01) දිස්වන වෙසක් පුන් පොහෝ දින චන්ද්‍රයා “Flower Moon” ලෙස නම් කර ඇති බව නාසා ආයතනය (NASA) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. අද දිනයේ දිස් වූ චන්ද්‍රයාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත එක්කරමින් නාසා ආයතනය මේ බව සඳහන් කර ඇත.
වසන්ත කාලයත් සමඟ මල් පිපීම බහුල වීම සංකේතවත් කරමින් පුරාණ කාලයේ සිටම මැයි මාසයේ පූර්ණ චන්ද්‍රයා මෙලෙස “Flower Moon” ලෙස හඳුන්වනු ලබයි.
මීට අමතරව, එළඹෙන මැයි 30 වැනිදා ද තවත් පූර්ණ චන්ද්‍රයෙකු දිර්ශනය වීමට නියමිත අතර එය “MicroMoon” ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම අවස්ථාවේදී චන්ද්‍රයා පෘථිවියට වඩාත් ඈතින් පිහිටන බැවින් සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයෙකුට වඩා මදක් කුඩාවට සහ අඩු දීප්තියකින් යුතුව දිස්වේ.














