ජිප්සම් ප්ලාස්ටර් බෝඩ් (Gypsum standard plaster boards) ලෙස හඟවමින් ඉතා සූක්ෂ්ම ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි ගණනක් වටිනා කහ සහ කජු තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ. මහනුවර, පන්විල ප්‍රදේශයේ පිහිටි සමාගමක් විසින් ආනයනය කරන ලද මෙම බහාලුම පරීක්ෂා කිරීමේදී, බාහිරින් සාමාන්‍ය ජිප්සම් බෝඩ් ලෙස පෙනෙන අයුරින් අසුරා තිබූ භාණ්ඩ තුළ මෙම තොගය සඟවා තිබී ඇත.
රේගු නිලධාරීන් අදාළ ජිප්සම් බෝඩ් කපා පරීක්ෂා කිරීමේදී ඒවා තුළ සඟවා තිබූ කහ කැබලි (Turmeric fingers) කිලෝග්‍රෑම් 16,000ක් සහ වේලන ලද කජු කිලෝග්‍රෑම් 1,150ක් සොයාගැනීමට සමත් විය. රේගුවට ප්‍රකාශ නොකර මෙලෙස හොර රහසේ භාණ්ඩ ගෙන්වීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














