මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්ධනය සඳහා ක්‍රියාත්මක වන “එක්ව ජයගමු – ජාතික මෙහෙයුම” (Nation United – National Drive) යටතේ ඊයේ (20) දිනය තුළ සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඊයේ දිනය තුළ පුද්ගලයන් 25,683 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී අපරාධ ක්‍රියාවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව, විවිධ සැකකටයුතු හේතූන් මත පුද්ගලයන් 396 දෙනෙකු ද, දින වරෙන්තු සහිත පුද්ගලයන් 191 දෙනෙකු සහ විවෘත වරෙන්තු සහිත 91 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත.
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිසිය, බේබදු රියදුරන් 67ක් සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවූ 51ක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම, විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3,332 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව ද පොලිස් වාර්තා සඳහන් කරයි.














