ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) දීර්ඝ ලෙස අවධානය යොමු වී තිබේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නොපැමිණීම හේතුවෙන් ස්ථාවර නියෝග අනුව තාවකාලික සභාපතිවරයා ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභා රැස්වීම පැවැත්විණි.
විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ පුළුල් නිරීක්ෂණයක් සිදු කිරීම සහ විගණන සේවයට බඳවා ගන්නා දක්ෂ මානව සම්පත් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව මෙහිදී දැඩි ලෙස සාකච්ඡා කර ඇත. මීට අමතරව, රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර පාලන පද්ධතිවල පවතින දුර්වලතා නිවැරදි කිරීම, විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම සහ සමෘද්ධි බැංකු විගණනයේ පවතින ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක හා නීතිමය සංශෝධන පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවී තිබේ.
















