ජාතික පැසිපන්දු තේරීම් කමිටුවේ කටයුතු අක්‍රමවත් ලෙස සිදුවන බව පවසමින් එහි සාමාජිකයෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
තේරීම් ක්‍රියාවලියේ කිසිදු විනිවිදභාවයක් නොමැති බවත්, ඇතැම් තීරණ අත්තනෝමතික ලෙස ගන්නා බවත් ඔහු ප්‍රබල චෝදනා නගයි. මෙම ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ.
















