මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරෙකුගෙන් දඩ මුදලක් අය නොකර අල්ලස් ලබාගත් බවට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇත. පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලෙසන මෙවැනි නිලධාරීන්ට එරෙහිව අනාගතයේදීත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය දන්වා සිටී.
















