ශ්‍රී ලංකාවේ හෝටල්වල නවාතැන් ගෙන සිටින විදෙස් සංචාරකයින්ටද 2026 ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය (National Beach Volleyball Championship 2026) සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇති බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය (SLVB) නිවේදනය කර තිබේ.
වත්තල ප්‍රාදේශීය සභාවේ සහයෝගය ඇතිව, වත්තල සරක්කුුව වෙරළ තීරයේදී සැප්තැම්බර් මස 19 සහ 20 යන දිනවල මෙම ශූරතාවලිය වෙරළ උළෙලක් ලෙස පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.
මෙම ශූරතාවලිය විවෘත පිරිමි සහ කාන්තා කා}$} යටතේ මෙන්ම අවුරුදු 23න් පහළ පිරිමි සහ කාන්තා කාණ්ඩ යටතේ පැවැත්වේ. ශ්‍රී ලංකාවේ හෝටල්වල රැඳී සිටින විදෙස් සංචාරකයින්ට ආරාධිත ශූරතාවලියක් (Invitational Championship) හරහා මෙයට තරග වැදිය හැකිය. වෙරළ වොලිබෝල් කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් මෙහිදී තරග වැදීමට අපේක්ෂා කරන අතර, අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් 10 වන දින දක්වා සිදු කෙරේ.
විවෘත පිරිමි සහ කාන්තා ශූරයින් සඳහා රුපියල් 100,000 බැගින්ද, දෙවන, තෙවන සහ چවන ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් සඳහා පිළිවෙළින් රුපියල් 60,000ක්, 40,000ක් සහ 20,000ක මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය. අවුරුදු 23න් පහළ කාණ්ඩවල ජයග්‍රාහකයින් සඳහාද මුදල් ත්‍යාග හිමි වන අතර, උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තරග අයදුම්පත් ලේකම්, තරග කමිටුව, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, ටොරිංටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ හැක.














