මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතියට සමගාමීව, පෙර පාසල් ගුරුභවතුන් සහ රැකබලා ගන්නන් 600ක් වෙනුවෙන් විශේෂ ජාතික වැඩසටහනක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. “විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සොඳුරු පවුල” යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි ගුරුභවතුන් සහ රැකබලා ගන්නන් සඳහා, පෙර පාසල් දරුවාගේ සමාජ හා චිත්තවේගීය සංවර්ධනයට අවශ්‍ය පෝෂක පරිසරයක් ගොඩනැගීම සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් මෙහිදී සංවිධානය කර තිබුණි. ඇට්ලස් ඇක්සිලියා ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පැවති මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ තානාපතිවරුන් පිරිසක් සහභාගී විය.
















