හෝමාගම, සිංහඅරණ මාර්ගයේ ඇළ මාර්ගයක් අසල තිබී ඊයේ (16) සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය ගෙල කැපීමෙන් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් බව තහවුරු වී තිබේ.
මියගොස් ඇත්තේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙකි. මොහු ඇඟලුම් ආයතනයක සේවය කරන අතරතුර අර්ධකාලීනව ඇප් (App) මගින් ක්‍රියාත්මක වන කුලී යතුරුපැදි රියදුරෙකු ලෙස කටයුතු කර ඇත.
පෙරේදා (15) රාත්‍රියේ කුලී ගමනක් ගොස් සිටියදී මෙම ඝාතනය සිදුව ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. සැකකරුවන් විසින් මියගිය අයගේ යතුරුපැදිය, රන් මාලයක්, ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය කොල්ලකා පලාගොස් ඇති අතර, සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැත. හෝමාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















