මුල් ළමාවිය ජාතික සතිය සැමරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (13) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළේ, මුල් ළමාවිය රැකවරණය පිළිබඳව වූ ජාතික සතිය හෙට (14) සිට 20 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි.
මෙම විශේෂ සතිය තුළ ළමුන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා අදාළ ආයතන, දෙමාපියන් සහ ගුරුවරුන්ගේ සහයෝගය අපේක්ෂා කෙරේ.
















