මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවතින කසළ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමේ අරමුණින් මාබෝදල කසළ අංගණය ආශ්‍රිතව නව ජීව වායු ඒකකයක් ස්ථාපනය කිරීමේ ඉදිකිරීම් කටයුතු පසුගියදා නිල වශයෙන් ආරම්භ කරන ලදී.
රජයේ ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 200ක මුදලක් සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය දායකත්වයෙන් ලක්ෂ 28ක් යොදවමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















