27 April 2024
#දේශීය

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022′ උළෙල හෙට ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022′ උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(15) සවස 3:30ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙරදැරිව, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්ප හා මාර්ගෝපදේශකත්වයෙන් දියත් වන ‘රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට’ මංපෙත් සලසන තවත් ඉදිරිගාමී පියවරක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබයි.

මෙහිදී’ දිවයිනේ විශිෂ්ටතම කුඩා පරිමාණ නිෂ්පාදන කර්මාන්තය’, ‘දිවයිනේ විශිෂ්ටතම මහා පරිමාණ/මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තය’ හා ‘දිවයිනේ විශිෂ්ටතම යන්ත්‍රසූත්‍ර නිෂ්පාදක’ මෙම සම්මාන උළෙලේ ඉහළතම සම්මානය වන ‘ප්ලැටිනම් සම්මානයෙන්’ පිදුම් ලබනු ඇත.

එසේම මහා පරිමාණ/මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයෙන්, ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 20ට අදාළව ස්වර්ණ සම්මාන 20ක්, රජත සම්මාන 20ක් හා ලෝකඩ සම්මාන 20ක් පිරිනැමීමට නියමිතය. තවද කුඩා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයෙන් ද ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 20ට අදාළව ස්වර්ණ සම්මාන 20ක්, රජත සම්මාන 20ක් හා ලෝකඩ සම්මාන 20ක් ප්‍රදානය කෙරෙනු ඇත. ක්ෂුද්‍ර පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයෙන්, ජාතික මට්ටමින් ස්වර්ණ සම්මානයක්, රජත සම්මානයක් හා ලෝකඩ සම්මානයක් ද පිරිනැමීමට පියවර ගෙන ඇත.

මෙම ‘ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022’ උළෙලේදී ඉහත මහා පරිමාණ/මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ හා ක්ෂුද්‍ර පරිමාණ අංශ තුන යටතේ මෙරට කර්මාන්තකරුවාගේ භූමිකාව ඇගයීමට අමතරව මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය දිරිගන්වනු වස් එම ක්ෂේත්‍රයේ කර්මාන්ත 03ක් සහ රාජ්‍ය අංශයේ නිෂ්පාදන කර්මාන්ත දිරිගන්වනු වස් රාජ්‍ය සමාගම් 03ක් ද විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලබනු ඇත.

ඒ අනුව ‘ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022’ උළෙලේදී මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයෝ 132 දෙනෙක් රටට අගය එකතු කිරීමේ සිය ප්‍රශස්ත භූමිකාව වෙනුවෙන් සම්මානයට පාත්‍ර වෙති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *