මෙරට බිහිවූ ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනා ගත් එකම ආණ්ඩුව ජාතික ජන බලවේග ආණ්ඩුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතමිනි.
වත්මන් රජය සැමවිටම ජනතාව වෙනුවෙන් තීන්දු ගන්නා බවත් පාලකයින් සතු වරප්‍රසාද කප්පාදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මීට පෙර පැවැති ආණ්ඩු විසින් ගනු ලැබුවේ පාලකයන්ගේ වරප්‍රසාද වැඩිකරන සහ ජනතාවට පීඩාව ගෙන දෙන තීන්දු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














