නව දැක්මක් සහිත තරුණ පරපුරක් බිහි කිරීමේ අරමුණින් යුත් “ජාතික තරුණ ප්‍රතිපත්තිය” මේ වසරේදී එළිදක්වන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සමඟ එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.
මෙම ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි මාස දෙක ඇතුළත අවසන් කිරීමට නියමිතයි. දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තරුණ තරුණියන්ගේ සෘජු යෝජනා සහ අදහස් ලබා ගැනීමට විශේෂ සාකච්ඡා වට රැසක් මේ වන විටත් සංවිධානය කර ඇත.
තාරුණ්‍යයේ හඬට සැබෑ වටිනාකමක් දෙමින්, රටේ අනාගතය තීරණය කරන තරුණ පරපුරේ උන්නතිය වෙනුවෙන් සකස් කෙරෙන මෙම ජාතික වැඩපිළිවෙළ තරුණ හීන සැබෑ කරන තීරණාත්මක පියවරක් වනු නොඅනුමානය.















