“රටම එකට ජාතික මෙහෙවර” විශේෂ ආරක්ෂක වැඩසටහන යටතේ දිවයින පුරා සිදුකරන සෝදිසි කිරීම් හා වැටලීම් තවදුරටත් තීව්‍ර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා පවසයි. අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම විශේෂ මෙහෙයුම් යටතේ මේ වන විට දින වරෙන්තු 41,850ක් සහ විවෘත වරෙන්තු 25,376ක් මත සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම මහා පරිමාණ වැටලීම්වලදී හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ. මීට සමගාමීව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු ද මේ වන විට සක්‍රීයව ක්‍රියාත්මක වේ.
රට තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමේ මෙම ජාතික මෙහෙවර ශක්තිමත් කිරීම සඳහා මහජන සහාය අත්‍යවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව, මත්ද්‍රව්‍ය හෝ වෙනත් ඕනෑම නීතිවිරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු පවතී නම්, වහාම 118, 119 හෝ 1818 යන හදිසි දුරකථන අංක ඔස්සේ පොලිසිය වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් දැඩි ඉල්ලීමක් කර සිටියි.
















