නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් අද (04) උදෑසන සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් පාසල් සිසුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. අනතුර සිදු වූ අවස්ථාවේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරු කිසිදු තුවාලයකින් තොරව දිවි බේරාගැනීමට සමත්ව ඇත. ප්‍රධාන මාර්ගය අසල තිබූ විශාල ගසක් මෙලෙස කඩා වැටීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















