පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යන නෞකාවන් සහ ‘PNS/M HANGOR’ සබ්මැරීනය පසුගිය ජුනි 01 දින කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව මෙම නෞකා සහ සබ්මැරීනය පිළිගැනීමට කටයුතු කරන ලදී.
සුහද සංචාරයක් සහ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පැමිණි මෙම නෞකා සහ සබ්මැරීනයේ අණදෙන නිලධාරීන් ලෙස පිළිවෙලින් කපිතාන් නියාමත් සයීඩ් ඛාන්, කපිතාන් නාදිර් මතීන් අෆ්රිඩි සහ කපිතාන් උසෙයාර් ෆාරූක් කටයුතු කරති.
මෙම සංචාරය අතරතුර, කාර්ය මණ්ඩල සාමාජිකයන් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමට නියමිත අතර, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් සමඟ එක්ව බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමට ද නියමිතව ඇත.
















