2023 මාර්තු 19 වන දින සිදු වූ නායයෑමක් හේතුවෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර හා අනාරක්ෂිත තත්ත්වයන් යටතේ ජීවත් වූ කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාපුරම්” නිවාස ව්‍යාපෘතිය අද (28) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ එක් පවුලක් සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් කට්ටියක් සහ වර්ග අඩි 550කින් යුත් අංගසම්පූර්ණ නව නිවසක් බැගින් ඉදිකර තිබේ. මීට අමතරව, නව නිවාසවල පදිංචි වන සෑම පවුලකටම ගෘහ භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු රුපියල් 175,000ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ තිළිණ කිරීමටද කටයුතු යොදා ඇත. වසර ගණනාවක් අනාරක්ෂිත පරිසරයක දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූ මෙම ජනතාවට තමන්ගේම ඉඩකඩක අභිමානවත් සහ ආරක්ෂිත නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා මෙමඟින් මඟපෑදී තිබේ.
















