ත්‍රීකුණාමලය ෆවුල් තුඩුව සිට නාවික සැතපුම් 47 ක් පමණ (කිලෝ මීටර් 87 ක් පමණ) ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව ඊයේ (23) දින කටයුතු කලේය.
පසුගිය 08 වනදා ධීවරයින් හය දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා ත්‍රීකුණාමලය කොඩ්බේ ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබූ ‘මනුකි’ (ලියාපදිංචි අංක IMUL-A-0345 KLT) නැමැති බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවේ සිට ඊසාන දෙසට වන්නට වූ මුහුදු ප්‍රදේශයේදී හදිසියේ රෝගී තත්ත්වයට ලක්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදී.
එම දැනුම් දීමෙන් පසු නාවික හමුදාව, රෝගී තත්ත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයට අයත් පී 4443 යාත්‍රාව එම මුහුදු ප්‍රදේශයට යොමු කරන ලදි.
ඒ අනුව, පවත්නා රළු මුහුදු ස්වභාවය හමුවේ මහත් පරිශ්‍රමයක් යොදා ඊයේ දින පස්වරුවේ රෝගීවූ ධීවරයා ත්‍රීකුණාමලය ෆවුල් තුඩුව සිට නාවික සැතපුම් 47 ක් පමණ (කිලෝ මීටර් 87 ක් පමණ) ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී වේග ප්‍රහාරක යාත්‍රාවට ලබාගැනීමෙන් අනතුරුව, එම ධීවරයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් ත්‍රීකුණාමලය වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.
Navy renders assistance to bring ashore ill fisherman for treatment
Sri Lanka Navy brought ashore a fisherman who fell ill while at sea and rushed him to the hospital for treatment on 23rd August 2022. The fisherman who was aboard a local multiday fishing trawler, in seas about 47 nautical miles (about 87 km) northeast of the Foul Point, Trincomalee, had suddenly fallen ill and was in need of medical attention.
The multiday fishing trawler ‘Manuki’(Reg. No. IMUL-A-0345 KLT) was on a fishing voyage leaving the Cod Bay Fishery Harbour, Trincomalee on 08th August 2022, with 06 fishermen. Meanwhile, the Department of Fisheries and Aquatic Resources, has disseminated the distress to the Maritime Rescue Coordination Centre (MRCC) Colombo at Navy Headquarters, about this ill fisherman who was aboard the trawler.
In response to a request for assistance, Sri Lanka Navy sent out the Fast Attack Craft P 4443 of the 04th Fast Attack Craft Flotilla (4 FAF) attached to the Eastern Naval Command to bring the ill fisherman for treatment. Having taken over him to the Navy’s craft on the evening of 23rd August 2022 amidst rough sea condition, the patient was brought to the Trincomalee Harbour administering first aid and subsequently he was rushed to the General Hospital, Trincomalee for further treatment.
Besides, the Navy stays prepared to respond to eventualities of this nature, with a view to assist naval and fishing communities in distress in Sri Lanka’s Search and Rescue Region.