නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද දින (2026 ජූලි 27) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී බැහැදකින ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභාශංසන පිරිනමන ලදී.
මෙම හමුවීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් විසින් අමාත්‍යතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද සිදු විය.













