මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පෝලන්තය විසින් අමෙරිකා එක්සත් ජනපදයෙන් හිටපු අධිකරණ අමාත්‍ය Zbigniew Ziobro අත්අඩංගුවට ගෙන පෝලන්තයට පිටුවහල් කරන ලෙස රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ නිල වශයෙන් ඉල්ලා තිබේ.
අපරාධ වින්දිතයින්ගේ අරමුදලින් මුදල් අවභාවිත කිරීම ඇතුළුව චෝදනා 26ක් සම්බන්ධයෙන් Ziobroට එරෙහිව පෝලන්ත රජය නඩු පවරමින් සිටී.
පෝලන්තයේ 2015-2023 පාලන සමයේදී යුරෝපා සංගමය විසින් නීතියේ ආධිපත්‍යයට හානි කළ බවට චෝදනා කළ අධිකරණ පද්ධති සංශෝධනවල ප්‍රධාන නිර්මාතෘවරයා වන්නේ ඔහුය.
මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති Ziobro පවසන්නේ තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ පෝලන්තයේ වත්මන් හිතවාදී (Pro-EU) ආණ්ඩුවේ දේශීය අභිප්‍රේරණයෙන් යුත් දේශපාලන පළිගැනීමක් බවයි.
මීට පෙර හංගේරියාවේ දේශපාලන රැකවරණ ලබා සිටි ඔහු, හංගේරියානු අගමැති වෙනස් වීමෙන් පසු මැයි මස 9 වන දින අමෙරිකාවට පලා ගියේය. අමෙරිකානු රජයේ සහාය ඇතිව ඔහුට වීසා බලපත්‍රයක් ලැබී ඇති බවට වාර්තා වන අතර, මෙම ඉල්ලීම පෝලන්තය සහ අමෙරිකාව අතර දේශපාලන හා නීතිමය වශයෙන් දැඩි අවධානයට ලක් වූ තත්ත්වයක් බවට පත්ව තිබේ.














