නාවික හමුදාව හා පොලිසිය එක්ව පසුගිය ජූලි 16 වන දින සිට දිවයිනේ මුහුදු සහ වෙරළ තීරයන් ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී, වින්ච් යන්ත්‍ර සහ ට්‍රැක්ටර් භාවිතය ඇතුළු නීතිවිරෝධී ක්‍රම යොදාගනිමින් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 36 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.මෙම මෙහෙයුම්වලදී සැකකරුවන්ට අමතරව ඩිංගි යාත්‍රා 17ක්, කැබ් රථයක් සහ ට්‍රැක්ටර් රථ 2ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත. ත්‍රිකුණාමලය (සල්පෙආරු, තුඩුව, පරවි දූපත, සූඩයිකුඩා, අලම්පිල්, චිලාවත්තායි), යාපනය (කඩ්ඩයිකාඩු කෙවිල්), කල්පිටිය (ඉප්පන්තිව්) සහ මුලතිව් යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම වැටළීම් සිදුකර තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අදාළ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, කොඩ්බේ, මුතූර්, මුලතිව්, යාපනය, මන්නාරම සහ පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාර දී ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.














