ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය නෝටන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නෝටන්වලට මිලිමීටර් 258.6ක වර්ෂාපතනයක් ලැබී ඇති බවය.ඊයේ (03) උදෑසන 8.30 සිට අද (04) උදෑසන 8.30 දක්වා වූ පැය 24ක කාලය තුළ සෙසු ප්‍රදේශවලට ලැබී ඇති වර්ෂාපතන ප්‍රමාණයන් –
කැනියන්: මිලිමීටර් 234.6ක්
ලක්ෂපාන: මිලිමීටර් 208ක්
කාසල්රී: මිලිමීටර් 164ක්
මාවස්සාකැලේ: මිලිමීටර් 125ක්
ඉහළ කොත්මලේ: මිලිමීටර් 110.3ක්
කොත්මලේ: මිලිමීටර් 105ක්














