කන්ද උඩරට අසිරිමත් ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහැර අද (24) රාත්‍රී 7 ට යෙදුණු සුබ මොහොතින් නැගෙනහිර දිශාභිමුඛව වීථි සංචාරය ආරම්භ කර තිබේ.
අද දින පූජනීය සධාතුක පෙරහැර කරඬුව වැඩම කරවීමේ භාග්‍යය සිංහරාජා හස්තියාට හිමිවූ අතර, මියන් රාජා සහ පුලතිසි රාජා යන ඇත් යුවල දෑල ගමන් කරමින් පෙරහැරේ ගම්භීරත්වය තවත් වැඩි කළහ. මෙම අභිමානවත් හා සුන්දර සංස්කෘතික මංගල්‍යය නැරඹීම සඳහා ප්‍රදේශවාසීන් මෙන්ම විදේශීය සංචාරකයින් ඇතුළු අතිවිශාල ජනතාවක් මහනුවර නගරයට රැස්ව සිටිති.
















