නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ විශාල භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කල්පිටිය, තලවිල වෙරළ ප්‍රදේශයේදී කටයුතු කර තිබේ. වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් ඉකුත් මැයි දහහත්වැනිදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු උර විසි අටක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී වියළි කහ කිලෝග්‍රෑම් හාරසිය අනූ හයක්, විදේශීය දුම්වැටි පැකැට්ටු හයදහසක්, රූපලාවණ්‍ය ආලේපන ඇසුරුම් එක්දහස් නවසිය පනස් අටක් මෙන්ම කෘමිනාශක දියර බෝතල් එක්දහස් එකසිය හතළිස් හයක් සහ පැකැට්ටු පහළොස්දහස් එකසිය අසූවක් සොයාගෙන ඇත. මෙලෙස නාවික හමුදා භාරයට ගත් භාණ්ඩ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර මුහුදු මාර්ගයෙන් සිදුවන ජාවාරම් මැඩලීම සඳහා වෙරළ තීරය ආශ්‍රිතව මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව වැඩිදුරටත් අවධාරණය කරයි.














