නවගත්තේගම පොලිස් වසමේ තඹබෝව රක්ෂිත ප්රදේශයේදී බඳින තුවක්කුවක් ක්රියාත්මක වීමෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා නවගත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
ඊයේ (01) පස්වරුවේ මෙම සිද්ධිය සිදුව ඇති අතර, ලද තොරතුරක් මත නවගත්තේගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 62ක් වන නවගත්තේගම ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා විසින් සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බඳින තුවක්කුවක් ක්රියාත්මක වීමෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
මෘත ශරීරය නවගත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අපගේ සියලුම සමාජ මාධ්ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















