වැල්ලවායේ සිට නාවලපිටිය දක්වා මංගල උත්සවයක් සඳහා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගිනිගත්හේන – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක්පිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරට ලක්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 27 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් සිව් දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. බස් රථයේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතු වන්නට ඇති බවට නාවලපිටිය පොලිසියේ රථවාහන අංශය සැක පළ කරයි.














