මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයන් රඳවා තැබීම සඳහා වැලිකඩ බන්ධනාගාරය තුළ විශේෂිත ඒකකයක් ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
‘කුඩු’ සහ ‘අයිස්’ වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් ඉලක්ක කර ගනිමින් මෙම විශේෂ බන්ධනාගාර පහසුකම් සකස් කර ඇති බවත්, පාතාල කල්ලි අතර පවතින ගැටුම් මේ වන විට සැලකිය යුතු මට්ටමකින් මර්දනය කර ඇති බවත් හෙතෙම අවධාරණය කළේය. තවද, අමාත්‍යවරුන්ගේ පොලිස් රථ පෙළපාලි ඉවත් කිරීම, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සහ ජනාධිපති මන්දිර මහාධිකරණ ඇතුළු රජයේ ප්‍රයෝජනයට පවරා ගැනීම වැනි වත්මන් රජය ගෙන ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.














