ඉදිරි දින කිහිපයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදන සමඟ නාවලපිටිය නගරයේ ජනතාව සහ මහවැලි ගඟ දෙපස පදිංචිකරුවන් දැනුවත් කිරීමට පස්භාගේ කෝරලයේ ප්රාදේශීය සභාව විසින් පියවර ගෙන තිබේ.
ශබ්ද විකාශන යන්ත්ර යොදා ගනිමින් ජනතාව පූර්වාරක්ෂිත ලෙස දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා නාවික හමුදාවේ බෝට්ටු කිහිපයක් ද මේ වන විට නාවලපිටිය නගරයට රැගෙන විත් ඇත.
















