පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනෙකු ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (16) නියෝග කර තිබේ.
කොටුව පොලිසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති අතර, එහිදී රජයේ සේවකයෙකුට සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ද, නිසි බලපත්රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්ර භාවිත කිරීමේ චෝදනාව එල්ල වූ සෙසු දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ද මුදාහැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.
















