මෙරට නිල සංචාරයක නිරත වන අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර් මහතා අද (ජූනි 22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. දෙරට අතර පවතින 77 වසරක ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කරමින් වෙළෙඳ, ආරක්ෂක, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.
මැදපෙරදිග කලාපයේ ජූනි 19 වැනිදා එළැඹි සාම ගිවිසුම පිළිබඳව මෙන්ම, පසුගිය මාර්තු මාසයේදී ආපදාවට පත් නෞකා දෙකකට ශ්‍රී ලංකාව සැපයූ මානුෂීය සහන පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, ලංකාවේ එම පියවර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක්වුණා. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන පංගුවක් දරන අමෙරිකාව සමඟ පවතින වෙළෙඳ පරතරය සහ තීරුබදු ගැටලු පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දෙරට අතර වූ වෙළෙඳ ගිවිසුමේ කටයුතු හැකි ඉක්මණින් අවසන් කර ගැනීමට ද මෙහිදී එකඟතාව පළ කළා.
















