ශ්‍රී ලංකාව සහ කුවෙට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීම, වෙළෙඳ පරිමාව ඉහළ නැංවීම, සෘජු විදේශීය ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සහ සංචාරක ක්ෂේත්‍රයේ නව සහයෝගිතා ගොඩනැගීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ශ්‍රී ලංකාව සඳහා වන කුවෙට් රාජ්‍යයේ තානාපති සලේ මුබාරක් අල්-සාරාවි (H.E. Saleh Mubarak Al-Sarawi) මහතා අතර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී, කුවෙට් වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් අතර සෘජු සබඳතා ගොඩනැගීමටත්, කෘෂිකර්මාන්තය, කිරි නිෂ්පාදන, යටිතල පහසුකම් සහ ප්‍රවාහන අංශ සඳහා ආයෝජන දිරිගැන්වීමටත් එකඟතාව පළ වී ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පලතුරු සඳහා කුවෙට්හි පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අපනයන ක්‍රියාවලිය විධිමත් කිරීමට ද නියමිතය.
















