පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (31) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට විශ්මි ගුණරත්න යළි කැඳවා ඇති අතර, යොවුන් ක්‍රීඩිකාවන් වන සංජනා කාවින්දි සහ චමුදි ප්‍රබෝධා පළමු වරට ජාතික සංචිතයට නම් කර ඇත. පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා පිල, එම ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතුව විස්සයි-20 තරගාවලියට පිවිසෙයි.
දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් අගෝස්තු 2 සහ 4 යන දිනවලදී දඹුල්ලේදීම පැවැත්වීමට නියමිතය.














