පසුගිය සඳුදා (06) මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය පිරිස අතර 73 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු ද සිටින බව වාර්තා වේ.
බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරියෙකු ද ඊයේ (08) දිනයේදී මියයෑමත් සමඟ මෙම ගැටුමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගියේය. මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබූහ. මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
















