රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබේ. මෙම පත්වීම 2026 ජූලි 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා විසින් අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා වෙත නාවික හමුදා මූලස්ථානයේදී ඊයේ (08) නිල වශයෙන් පිළිගන්වන ලදී.
















