මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩවල රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදෙන ලෙස සිහි කැඳවීමක් යොමු කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝග කර තිබෙනවා.
පොදු දේපළවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනා යටතේ නම් කර ඇති මීගමුව කාන්තා බන්ධනාගාරයේ රැඳවියන් 25 දෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් සියලු දෙනා සැප්තැම්බර් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. මේ වනවිට නඩුවේ සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 106ක් වන අතර ඉන් 81 දෙනෙකු පිරිමි සහ 25 දෙනෙකු කාන්තාවන් බව CID සඳහන් කර තිබෙනවා.
සිද්ධියෙන් මියගිය පුද්ගලයන් සම්බන්ධ මරණ පරීක්ෂණ අවසන් කර ඇති අතර අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බව CID දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත්, රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇති නඩු භාණ්ඩවල වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද සඳහන්. නඩුව සැප්තැම්බර් 22 වැනිදා යළි කැඳවීමට නියමිතයි.














