දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර ඊයේ (17) උදෑසන නුගේගොඩ දුම්රිය ස්ථානයේ පිටවීමේ දොරටුව ඉබි යතුරු දමා වසා තිබීම හේතුවෙන් මගීන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වේ. අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකින් නුගේගොඩට පැමිණි මගීන්ට දුම්රිය ස්ථානයෙන් සාමාන්‍ය පරිදි පිටවීමට නොහැකි වී තිබේ.
වාර්තා වන පරිදි, ඇතැම් මගීන්ට දුම්රිය වේදිකාවෙන් දුම්රිය මාර්ගයට බැස දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කර පිටවීමට සිදුව ඇත. විශේෂයෙන් වයෝවෘද්ධ මගීන්ට වේදිකාවෙන් දුම්රිය මාර්ගයට බැසීමට අපහසු වූ බව මගීන් පවසා තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මගීන්ගේ අපහසුතාව පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය සේවා සහ දුම්රිය ස්ථානවල මෙහෙයුම්වලටද බලපෑම් එල්ල වී තිබූ බව වාර්තා වේ.














