මීගමුව බන්ධනාගාරය තුළ අද පෙරවරුවේ හටගත් ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලැබූවන් 20 දෙනෙකු පමණ මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල් ආරංචි මාර්ග පවසන පරිදි තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු ද සිටිති.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ දහවල් හටගත් ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 33 දෙනෙකු තුවාල ලබා තිබිණි. පෙරවරුව වන විට තත්ත්වය පාලනය කර තිබුණ ද, යළිත් ගැටුම් හටගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.














