පසුගිය ජූලි 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් එහි පරිශ්‍රයට දැඩි හානි සිදුව ඇති අතර, එම ස්ථානය ‘අපරාධ ස්ථානයක්’ (Crime Scene) ලෙස සලකා විමර්ශන ආරම්භ කර තිබේ. විමර්ශන නිලධාරීන්ට බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ සැලසීම සහ රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එහි සිටි බොහෝ පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත තාවකාලිකව මාරු කිරීමට පියවර ගෙන ඇත. මීගමුව බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමවන තුරු, පවතින සිරගෙවල්වල තදබදය අවම කිරීම සඳහා මහමෝදර සහ පැරණි බෝගම්බර පරිශ්‍රයන් තාවකාලික බන්ධනාගාර ලෙස පිහිටුවීමට ද නියෝග නිකුත් කර තිබේ.
















